spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය

ජනාධිපතිවරයා ඊයේ (05) පස්වරුවේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානය වෙත ගොස් මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

අවස්ථාවේ දී මහා සංඝරත්නය සඳහන් කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට පූර්ණ ආශිර්වාදය පළ කරන බවයි.

එහිදී රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් ජනාධිපතිවරයාට අනුශාසනා කළේ උසස් තනතුරු සඳහා නිලධාරින් පත් කිරිමේ දී සුදුස්සන් සුදුසු තනතුරු සඳහා පත් කරන ලෙසටයි.

අමාත්‍ය ධුර ලබාදීමේ දී ද පක්ෂ භේද නො සලකා කටයුතු කළ යුතු බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කර සිටියා.

එමෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ රාමඤ්ඤ මහා නිකායේ හිමිවරු දැනුවත් කළ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ රජය මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කර ඇති බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?