සරසවි වරම් අහිමි සිසුන්ට පොලී රහිත ලක්ෂ 11ක ණයක්

උසස් පෙළ සමත්ව රජයේ විශ්ව විද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8ක ණය මුදල ලබා දීම නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මීට අමතරව ඔවුන්ගේ එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ අදාළ ණය මුදල පොලී රහිතව ලබා දීමට රජය සූදානම් බවයි.

මෙරට ණය පොලී අනුපාත මේ වන විට 25%ටත් ඉහළ අගයකට පත් ඇති බැවින් එම පහසුකම සිසුන්ට ලබා දීමට තීරණය කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි සිසුන් 5,000කට මෙම ණය පහසුකම ලබා දීමට නියමිත බව ද සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

මීට අමතරව දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබා දෙන මෙම ණය පහසුකම ඉදිරියේ දී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ණය ලබා දීමේ දී ඉසෙඩ් අගය සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ ඇති කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නා බව ද අමාත්‍යවරයා කියසිටියා.

අදාළ ණය මුදල විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව වසරක කාලයක් දක්වා ලබා දෙන අතර ආපසු ගෙවීම සිදු කළ යුත්තේ රැකියාවක් ලැබීමෙන් පසුව වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14