spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරසවි ප්‍රවේශයට අදාළ අභියාචනා භාරගැනීම ලබන 30 වනදා දක්වා

2022/2023 අධ්‍යයන වර්ෂයේ සරසවි ප්‍රවේශයට අදාළ අභියාචනා ලබන 30 වනදා දක්වා භාරගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් ලියාපදිංචිය ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන බවයි එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

ඒ, අනුව ඊට අදාළ උපදෙස් සිසුන් ලබා දී ඇති දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මඟින් ලබාදීමට නියමිතයි.

මේ අතර 2022/2023 අධ්‍යයනය වර්ෂය සඳහා ලබන මාසයේ දී සිසුන් ඇතුළත් කරගන්නා බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව මූලික වටයේ දී සිසුන් 42,145 දෙනෙකු ඇතුළත් කරගැනීමට නියමිතයි.

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු ඊයේ (01) දිනයේ දී නිකුත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?