spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරසවි ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක්වෙයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා 2022 වසරට අදාළ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත වීමට තීරණය කර තිබෙනවා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) ප්‍රකාශ කළේ එහි සාමාජිකයින් අද සිට උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරත වන බවයි.

රජයේ නව බදු ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් සරසවි ආචාර්යවරුන් විභාග පිළිතුරු පත්‍ර ඇගයීම වර්ජනය කර තිබුණා.

මීට පෙර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන සාමාජිකයින් සිය විරෝධතාවයේ කොටසක් ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නිරත වීමෙන් ද වැළකී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?