සරසවි ආචාර්යවරුන්ගේ ගැටලුවලට විසඳුම් ආර්ථිකය ස්ථාවර වූ පසුවයි

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමත් සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවලට ද විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් මීට එක්ව සිටි අතර, වර්තමාන අර්ථික පසුබෑම හමුවේ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වා ගෙන යාමේ හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ පා ඇති ගැටළු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණා.

විශ්වවිද්‍යාල පද්ධතියේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු හඳුනාගෙන ඒවා පිරවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ට උපදෙස් දෙනු ලැබුවා.

වාර්ෂිකව විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව පවතින අධ්‍යන පහසුකම් ප්‍රමාණවත් නොවන බව මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු පෙන්වා දුන්නා.

මේ වන විට පවතින මූල්‍ය ප්‍රතිපාදන සීමාවන් කළමනාකරණය කර ගනිමින් විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, වෛද්‍ය පීඨ, ඉංජිනේරු පිඨ සහ විද්‍යා පීඨවල පහසුකම් සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී උපදෙස් දෙනු ලැබුවා.

දැනට නවතා ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දීමනාව යළි ලබාදීමට ඇති හැකියාව පිළිබඳ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා බලධාරින්ට සඳහන් කළා.

රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල දී නවීන ලෝකයට ගැළපෙන සේ නිසි උපදේශනයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32