spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2022 මාර්තු මස 22 වන දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට සමාජ මාධ්‍යවල පුවතක් සංසරණය වෙයි.

එහි දක්වා තිබුණේ ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා එය මත්පැන් නිෂ්පාදනයට බලපෑම් කර ඇති බවය. 

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නෙ එසේ පළවී ඇති පුවත් සාවද්‍ය ඒවා බවය.

අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර 23ක් දිවයින තුළ ක්‍රියාත්මක වන අතර, ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළ තුළින් ලබාගැනීමේ හැකියාව මේ දක්වා පවතින බවද සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්), මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පෙන්වා දෙන්නේ, මෙම සාවද්‍ය වාර්තා කොටගෙන නීතිවිරෝධී ලෙස මත්පැන් රැස්කිරීමටත්, මත්පැන් නිෂ්පාදකයින් අතර සදාචාර සම්පන්න නොවන අලෙවිකරණ උපාය මාර්ගයන් අනුගමනය කිරීමටත් අවකාශ ලැබෙන හෙයින් එම වාර්තා හා ප්‍රවෘත්ති නිවැරදි කිරීමට ක්‍රියා කළ බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?