spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරත් ෆොන්සේකා සහභාගී වූ උත්සවයක උණුසුම්කාරී තත්වයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ”නිරායුධ නිර්පාක්ෂික අරගලය ජනතා විප්ලවය” නමින් සවස පැවැති උත්සවයක් අතරතුර උණුසුම්කාරී තත්වයක් හටගත්තා.

ඊට හේතු වුණේ සැබෑ ලෙස අරගලයට සහභාගී වූ බව පැවසූ කණ්ඩායමක් එහි පැමිණ කතාවක් කිරීමට අවශ්‍ය බව පවසා වේදිකාවට ගොඩවීමයි.

සරත් ෆොන්සේකා මහතා කතාකර පිටව ගිය පසුව නීතීඥවරයෙකු ස්තුති කතාව කරන අතර තුර ඔවුන් මෙම වේදිකාවට ගොඩවිම සිදු කළා.

නිර්පාක්ෂික අරගලගරුවන් යනු ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී පක්ෂය නොවන බවත් දමිතා අබේරත්න සජබ වේදිකාවට ගොඩ වී ඇති බවත් දනිෂ්, චන්ද්‍රිකා මැතිණිය සමග සිටින බවත් පැවසු ඔවුන් ”නිර්පාක්ෂික අරගල කරුවන් මෙහි ඇත්නම් ජනාධිපති මන්දිරය වැටලීමට දැන් යමු” යනුවෙන් පැවසුවා.

විශ්‍රාමික රණ විරුවන්.නීතීඥවරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී සිටියා.

https://youtu.be/Ar79F9lqC5E
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?