සරත් ෆොන්සේකා ඝාතන තැත ගැන කෙරෙන නඩුව කල් යයි

2006 වසරේ කොළඹ යුද හමුදා මූලස්ථානය තුළ දී එවකට යුද හමුදාපති ව සිටි සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඔහු ඝාතනය කිරීමට තැත් කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 04 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, මෙම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී නියෝගය නිකුත් කළ බවයි.

එහිදී සාක්ෂි දීමට නියමිතව සිටි සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරිය අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 04 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළා.

2006 වසරේ අප්‍රේල් මස 25 වනදා කොළඹ යුද හමුදා මූලස්ථානය තුළ දී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරය හරහා ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා 27ක් මත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46