සරණාගත මධ්‍යස්ථානයකට ෂෙල් වෙඩි ප්‍රහාරයක්

දකුණු ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සරණාගත මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාද්‍ය පවසනවා.

එහි දී තවත් පුද්ගලයින් 75 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදළ මධ්‍යස්ථානය වෙත ෂෙල් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය තම හමුදා විසින් සිදු කර නොමැති බවයි ඊශ්‍රායලය සඳහන් කරන්නේ.