සයිබීරියාවේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 20ක් මරුට

සයිබීරියාවේ කෙමරෝවෝ නගරයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු බලධාරීන් පවසනවා.

තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර ගින්නෙන් ලෑලිවලින් ඉදිකර ඇති දෙමහල් ගොඩනැගිල්ලේ උඩුමහල මුළුමනින්ම විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බොයිලේරුවක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් එය සිදු වන්නට ඇති බව මූලික විමර්ශන වාර්තා පෙන්වා දෙනවා.

වැඩිහිටියන් සඳහා වන මෙම පෞද්ගලික නිවස නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ක්‍රියාත්මක වූ බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ගිනි නිවන භටයින් විශාල පිරිසක් යොදවා ගින්න නිවා දමා තිබෙනවා.

මෙම ගින්න අපරාධයක් සේ සලකා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රාදේශීය ගිනි නිවන සේවා නිලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ වැඩිහිටි පුද්ගලයින් සඳහා වන මෙවැනි ලියාපදිංචි නොකළ නිවාස රැසක් රුසියාව පුරා ක්‍රියාත්මක වන බවයි.

2018 වසරේදී කෙමරෝවෝ හි විවේක මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් ළමුන් 37 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 60 දෙනෙකු මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14