සයිනෝෆාම් මාත්‍රා දෙක ප්‍රමාණවත් නොවන පුද්ගලයින්

Sinopharm එන්නත ලබා ගත් වයස අවුරුදු 60ට අඩු අයගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හොඳින් සිදුවන නමුත් වයස අවුරුදු 60ට වැඩි අයගෙන් සුළුතරයක එහි යම්කිසි අඩු අගයක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, ඒ හේතුවෙන් වයස අවුරුදු 60ට වැඩි අය රෝගී බවට පත්වීම, රෝහල් ගතවීම සහ මරණයට පත්වීම සඳහා වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවය.

මේ බව බහරේන්හි කර ඇති පර්යේෂණ දත්ත සහ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ පර්යේෂණ කණ්ඩායමේ දත්ත වලින් ද සනාථ වී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

ඔවුන් තව දුරටත් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රවණතාව Sinopharm එන්නත් ලබාගත් අය සඳහා වැඩි බවත් Pfizer, Moderna හෝ Astra-Zeneca එන්නත් සඳහා එය මද ලෙසකින් හෝ අඩු ප්‍රවණතාවක් ඇති බවය.

එමෙන් ම, අනෙකුත් අතුරු ආබාධවලින් පෙළෙන රෝගීන් එනම් වකුගඩු බද්ධ කිරීම, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අය සහ තවත් එවැනි තම ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දුර්වලකම් ඇති පුද්ගලයින්ට Sinopharm එන්නත් මාත්‍රා 2 මගින් අවශ්‍ය නිසි ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් නොලැබෙන බව ඔවුන් පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන්, මෙම කණ්ඩායම් සඳහා Pfizer, Astra-Zeneca හෝ Moderna එන්නත්, තෙවන මාත්‍රාව ලෙස ලබා දීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.  

තව ද මෙරටට ලැබී ඇති Astra-Zeneca සහ mRNA එන්නත් ප්‍රමාණය ඉතා සීමා සහිත බවත් එම තත්ත්වය ‍යටතේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙබි, Sinopharm එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන් ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් ලෙස සැලකිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14