සයින්දමරුදු පිපිරීමෙන් “සාරා ජස්මින්” මියගොස් ඇති බව හෙළිවෙයි

2019 වසරේ අප්‍රේල් මස 26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් මියගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ මරණකරුවන් හඳුනා ගැනීම සඳහා කළ DNA පරීක්ෂණ මගින් මේබව අනාවරණ වි ඇති බවයි.

සාරා ජස්මින් යන අයගේ මවගෙන් ලබාගත් DNA සාම්පල සමග අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කිහිපයක DNA සාම්පල මවක සහ දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵලයක් බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්.

ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවීදා වීමට ඉඩ ඇති සම්භාවිතාව 99.9999%ක් බව තහවුරු වි ඇති බවයි දැක්වෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතයි.

Police 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14