සමාන ප්‍රතිලාභ අත්වන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා – ජනපති

සෑම පුද්ගලයෙකුටම හා සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මහනුවර වෛද්‍ය සංගමයේ 43 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිතුමා ඊයේ (07) පස්වරුවේ ⁣එම අදහස් පළ කළා.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නීරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථයකි. ඒ සඳහා දීර්ඝ කාලීන ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් සෙවීමට, සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළා.

ජනාධිපතිතුමා පැවසුවේ, “ගම සමග පිළිසඳර” වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවලදී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු සෘජුවම අත්දැකීමට තමන්ට හැකි වූ බවයි.

සෞඛ්‍ය පද්ධතියේ ජයගතයුතු යම් යම් දුර්වලතා එහිදී හඳුනා ගැනීමට හැකි වූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළා. එම අඩු පාඩු අඛණ්ඩව පැවතීමට ඉඩ ලබා දුන්නොත් බරපතල අහිතකර ප්‍රතිවිපාක උද්ගත විය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14