සමාජ මාධ්‍යයෙන් චරිත ඝාතනය කළොත් දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් !

යම් අයකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව අසත්‍ය චෝදනා එල්ල කිරීම සහ චරිත ඝාතනය කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත්කිරීම සඳහා නව නීති සැකසෙමින් පවතීන බව ‘සතිඅග අරුණ පුවත්පත’ වාර්තාකර සිටිනවා.

‘යම් තැනැත්තකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන අවස්ථාවන්ද ඇතුළුව මානව ගරුත්වයට හානි කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවට පත් කිරීම මෙම නව නීති සකස් කිරීමේ අරමුණ වෙනවා’ යැයි මේ පිළිබඳ අදහස් පළ කළ අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියමන්ති පීරිස් සඳහන් කර සිටින්නේ.

දණ්ඩනීති සංග්‍රහයට මෙම සංශෝධන ඇතුළත් කිරීම සඳහා මේ වනවිටත් කෙටුම්පතක් සකස් කර ඇති බවත්, එය සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින බවත් අතිරේක ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය. කෙසේ වෙතත් මෙම වරදේ විෂය පථය තවමත් නිශ්චය කර නොමැති අතර, එය පෞද්ගලිකව සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වනවාද, සංවිධානාත්මක හා ද්වේෂ සහගත චරිත ඝාතන සහ මඩගැසීම්වලට එරෙහිව ක්‍රියාත්මක කෙරෙනවාද යන්න තවමත් තීරණය කර නැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46