සමාජ මාධ්‍ය අවහිර කිරීම ගැන රජය කියන දේ මෙන්න

ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීම අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත් හිටුවා ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා අද (03) පෙරවරුවේ නිවේදනය කළා.
ඊයේ (02) මධ්‍යම රාත්‍රිය වන විට මෙරට තුළ ක්‍රියාත්මක වන සියලුම ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි වෙත පිවිසීමේ කිසියම් අවහිරතාවක් ඇති වුණා. ඒ අනුව මේ වනවිටත් ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්,ටෙලිග්‍රෑම්,වට්සැප් සහ ට්විටර් වෙත ප්‍රවිශ්ට වීමේ නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.