මාධ්‍ය නිදහස ගැන ඔබ තෘප්තිමත් ද?

සන්නිවේදනය නම්,දෙපාර්ශවයක් අතර සිදුවන අදහස් හුවමාරු කර ගැනීමකි.තාක්ෂණික දියුණුවක් සමඟ විද්‍යුත් මාධ්‍ය පමණක්ම නොව සමාජ මාධ්‍යයන් ද වර්තමානය වන විට මානවයා අතර සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

නමුත්, දැන් දැන් සන්නිවේදනය උදෙසා මාධ්‍ය කෙලෙස පවතී ද? කෙලෙස පැවතිය යුතු ද? යන්න විමසා බැලිය යුතු බව පෙනේ.මාධ්‍ය නිදහස යනු, මානවයාගෙ අයිතියකි.ඍජුව අදහස් හා මතවාද ඉදිරිපත් කිරීමට නොහැකි වූ විට මානවයා ඒ සඳහා මේ සමාජ මාධ්‍ය වෙත යොමු වේ. මාධ්‍ය නිදහසට බොහෝ විට ඉහළ නිලධාරීන් පොලීසිය යොදා ගනිමින් විවිධ බලපෑම් එල්ල කරයි.

සමබර පුවත් ගෙනෙන,ජනතාවගෙ දුක් කම්කටොළු,දුසිරිතෙන් යුත් සමාජ ගැටළු ඉදිරිපත් කරන සිරස මාධ්‍ය නාලිකාවට ගත් නීතිමය පියවර කෙරෙහි සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ද පසුගිය දා කතා බහට ලක් කලා.

ඒ හුදෙක් එක් අවස්ථාවකි. මෑතකදි පන්නිපිටිය ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙක් විසින් සිවිල් වැසියෙකු මහා පාරේ බිම දමා පාගා පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව ද මෙයට උදාහරණයකි. එයද හුදෙක් නීතිය අතට ගැනීමක් ය.වැළලී යාමට තිබු එම සිදුවීම සමාජ මාධ්‍ය නිසා හෙළිදරව් විය. නමුදු වර්තමානය වන විට මේ මාධ්‍ය නිදහස ටිකෙන් ටික කලින් පැවති ආධිපතිවාදි සංකල්පය මතටම යමින් පවතින බව දැන් දැන් අපට අසන්නට, දකින්නට ලැබේ.

වත්මන් ආණ්ඩුව තුල ඔවුන් බලයට පැමිනීමට කලින් කතා කල මාධ්‍ය නිදහස නොපවති.මාධ්‍ය හරහා තම මතවාද ඉදිරිපත් කිරීමට වර්තමානයේ බොහො දෙනා පැකිලෙනුයේ ජනධිපතිවරයාට අපහාස වන පරිදි කිසිදු මාධ්‍යකින් ප්‍රකාශ නිකුත් කිරීම, හුවමාරු කිරීමක් සිදු කලහොත් ඔවුන් කෙරෙහි නීතිමය ක්‍රියමාර්ගය ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීම නිසා ද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එලෙස පැවසුවේ ද කාන්තාවක් විසින් සමාජ ජාලා හරහා හුවමාරු වු ඡායරූපයක් තමන් විසින්ද බෙදා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට තම ප්‍රකාශ ලබා දීමට සිදු වු විටදී ය. එය ද, ජනතාව තම අදහස්, මතවාද ඉදිරිපත් කිරීම බිය වීමට හේතුවකී.

මාධ්‍ය නිදහස පිලිබද අවධානය හොඳින්ම යෙදවුයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේදී ය.”ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සිවුවෙනි සමුළුවේදී, ජාතික ආරක්ෂාව සඳහා තරුණ තරුණියො” යන තේමාව මුල් කරගෙන ජනාධිපතිවරයා පැවසුවේ තම පාලන කාලය තුල ප්‍රජාතන්ත්‍රවාදීව මාධ්‍ය නිදහස පවතින බව ය.

එසේම, එතුමාගෙ පොරොන්දුව අකුරටම ඉටු කල බව පෙනී ගිය සාක්ෂි ද පවතී. උදාහරණයක් ලෙස සිරිසේන ජනාධිපතිගෙ වෙබ් අඩවියට හොරෙන් ඇතුලු වු පාසල් සිසුවාට දඩුවම් කරනු වෙනුවට, ඒ දරුවා ගෙන්වා ප්‍රශංසා කර තෑගිබෝග ලබා දුනි.එපණක්ම නොව සමාජ මාධ්‍ය වල පවා එතුමාට හාස්‍ය, උපහාසය දනවන ආකාරයේ ඡායරූප,වීඩියො පට දකින්නට ලැබුනි.ඇතැම් මාධ්‍ය නාලිකා වල ද එතුමාගෙ පෞරුෂත්වය හා ආත්මගරුත්වයට හානි වන ආකාරයේ විවිධ දේ පල උනත් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ද මාධ්‍ය නිදහස ලබා දී තිබු නිසාවෙනි.


මේ කාරණාව සමගම ඈදෙන තවත් කාරණාවක් දෙසට ද ඔබේ අවධානය යොමු කල යුතුමය.මාධ්‍ය නිදහස අයතා ලෙස යොදා ගනිමින් පුද්ගලික මට්ටමේ මඩ ප්‍රචාර වැනි කාරණාවල නියැලෙන්නේ නම් පුරවැසියෙක් , මාධ්‍යවේදියෙක් ලෙස ඔබ කරන්නා වූ දේ පිළිබදව ද දෙවරක් සිතිය යුතුමය.මාධ්‍ය ගණිකා සේවයේ යොදවනවා සේම මාධ්‍ය නිදහස ගණිකා සේවයේ යෙදවීමත් එකම කාසියේ දෙපැත්තක් බව අප අමතක නොකල යුතුමය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවක් අදහස් ප්‍රකාශ කිරීමට බිය නොවිය යුතුය.ශිෂ්ඨ සමාජය ට සමපාතව ඉදිරිපත් වන ඕනෑම කරුණක් , පුවතක් වාරණයකට ලක් නොවිය යුතුය.ඒ අපේ සිතිවිල්ලයි, නමුත් ගැටලුව ඇත්තේ ද එතැනයි…එනම් .ප්‍රජාතන්ත්‍රවාදි රටක ආණ්ඩු මාරුවීමත් සමග ප්‍රජාවගේ අයිතිවාසිකම් ද වෙනස් වේ නම් එහි සාධාරණ පාලන ක්‍රමයක් හා පාලකයන් සිටී ද යන්නයි….

  1. ඔබට වැරදිලා… ස්න්නිවේදනය යනු තවත් කෙක්ගෙ දෙයක් හොරකම් කර හෝ අදස් ප්‍රකාශ කිරීම හෝ ගම්මැදිහෑලී දෙඩවීමකි…..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39