සමාගම් කළමණාකරුවෙකුට අයත් මෝටර් රථයක් සොරා ගනී

රක්ෂණ සමාගම් ශාඛාවක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ හැට පහක් පමණ වටිනා මෝටර් රථයක් සොරකම් කොට පලා ගිය පුද්ගලයෙකු සොයා හොරොව්පතාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ(23) දහවල් මෙලෙස සොරාගෙන ගොස් තිබෙන්නේ හොරොව්පතාන තානායම් හංදිය අසල පිහිටි රක්ෂණ සමාගම් ශාඛාවක කළමණාකරුවෙකුට අයත් මෝටර් රථයක්.

අදාල ශාඛාවේ කළමනාකරු සිය නිවෙස පිහිටි අනුරාධපුර මයිලගස්හංදියේ සිට ඥාති පුද්ගලයෙකු සමග ඊයේ (23) දහවල් 01 ට පමණ මෝටර රථයෙන් හොරොව්පොතාන කාර්යාලයට පැමිණ තිබුණා

අනතුරුව ඥාතියා මෝටර් රථයේ සිටියදීම ඔහු යතුරද තබා කාර්යාලයට ගොස් තිබෙනවා.

මොහොතකට පසු කළමනාකරු කාර්යාලයෙන් එළියට පැමිණ බලන විට මෝටර් රථය දක්නට නොලැබී ඇති අතර අදාළ ඥාතියාගෙන් ඒ පිළිබදව විමසූ විට ඔහු පවසා ඇත්තේ සිය පෙම්වතිය බැලීමට හොරොව්පතාන නගරය ආසන්න අළුත්ඔය මාර්ගයට හදිසියේම පැමිණි බවයි.

නමුත් ඔහු රාත්‍රිය වනවිටත් නොපැමිණීම හේතුවෙන් කළමනාකරු පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කළමනාකරු අදාළ ඥාතියා හොරොව්පතානට කැටුව ආ තිබෙන්නේ රැකියාවක් ලබා දීම සදහා බවත් පැවසෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27