සම්මුඛ පරීක්ෂණයට පෙර අයදුම්කරුවන් දෙදෙනා පොලිසියට

කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ATM යන්ත්‍රයක අමතක වී දමා ගිය බැංකු කාඩ් පතක් සොරාගෙන රන් භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.

ඔවුන් දෙදෙනාම මීට දින කිහිපයකට ඉහත දී පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ පුද්ගලයන් බව විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු ATM යන්ත්‍රයක මුදල් ගැනීම සඳහා පසුගිය 31 වන දින පැමිණි අවස්ථාවකදී බැංකු කාඩ් පත අමතක වී දමා ගොස් තිබෙනවා.

පසුව සැකකරුවන් දෙදෙනා එම කාඩ්පතින් කහතුඩුව ප්‍රදේශයේම සුපිරි වෙළෙඳ සැලකින් භාණ්ඩ ලබා ගෙන බැංකු කාඩ්පත ලබාදී ඇති අතර ඒ මොහොතේම බැංකු කාඩ්පත් හිමියාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබීමත් සමග තම බැංකු කාඩ්පත නැති වී ඇති බව දැනගෙන තිබූ බව පොලීසිය පැවසුවේ.

සැකකරුවන් දෙදෙනා බණ්ඩාරගම නගරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට ගොස් එක් අයකුට මාලයක් සහ අනෙක් පුද්ගලයාට අත් පළඳනාවක් ද මිලදීගෙන බැංකු කාඩ්පතින් ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙවා ඇතැයි ද පොලීසිය සඳහන් කළේ.

කාඩ්පත් හිමියා අදාළ බැංකුවට දුරකථන ඇමතුමක් දී ලබාදී කාඩ් පත අක්‍රීය කරන අවස්ථාව වන විටත් සැකකරුවන් විනාඩි කිහිපයක් තුළ දී අවස්ථා පහකදී රුපියල් දෙලක්ෂ තිස් දහසක භාණ්ඩ මිලදී ගෙන තිබූ බව පොලීසිය සඳහන් කර සිටියි.

සැකකරුවන් රන් භාණ්ඩ අලෙවි සැලට ගොස් එම භාණ්ඩ මිලදී ගන්නා අයුරු එහි CCTV කැමරාවේ සටහන්ව තිබුණි. අත්අඩංගුවට ගත් වයස අවුරුදු 22 හා 25 සැකකරුවන් දෙදෙනා වීදියගොඩ පදිංචිකරුවන් ය. සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කහතුඩුව පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39