spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සම්භාහන මධ්‍යස්ථානයකදී පුද්ගලයෙකු මරුට

කඳාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකදී පුද්ගලයෙකු මිය ගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

අද අලුයම මෙලෙස මියගොස් ඇත්තේ කඳාන – නාගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම පුද්ගලයා සම්භාහන ආයතනයට පැමිණ ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඔහු අද අලුයම ස්පා ආයතනයේදී මරණයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මෙම පුද්ගලයා මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර මරණය සම්බන්ධයෙන් කඳාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?