සම්බා සහ කීරි සම්බා හිඟය තීව්‍ර වීම පිළිබද මහා පරිමාණ වී මෝල් හිමියන්ට චෝදනා

වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා සඳහා හිඟයක් පවතින බවත් එම හිඟය තීව්‍ර කිරීමේ අරමුණෙන් මහා පරිමාණ වී මෝල් හිමියන්ට කටයුතු කරන බවත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.

වී වගාව කරනු ලබන ගොවීන්ට සම්බා සහල් වගා කිරීමට වඩා නාඩු සහල් වගා කිරීම ලාභදායි වීම නිසා ගොවීන් විශාල වශයෙන් නාඩු සහල් වගා කිරීම සඳහා යොමු වී ඇති බව ද එම සංගමය විසින් පෙන්වා දෙනවා.

එලෙස වීමට හේතුව රජය විසින් නිසි ආකාරයේ මිල සූත්‍රයක් හඳුන්වා නොදීම බවත් රජය මේ සඳහා ක්‍රියා මාර්ගයක් ලෙස නිසි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර නොගන්නේ නම් එළඹෙන කන්නයේ දී ද සම්බා සහ කීරි සම්බා සහල් හිඟයක් ඇති විය හැකි බවට එම සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ පවසනවා.

මේවන විට එළඹෙන කන්නය සඳහා ගොවින් තම කුඹුරු සකස් කරමින් සිටින බැවින් රජය විසින් සම්බා සහ කිරි සම්බා වී සඳහා ලබා දෙන මිළ ඉහළ දැමීමට කටයුතු නොකළහොත් ඉදිරියට ඇතිවන හිඟය වලක්වා ගැනීමට නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සහ මහා පරිමාණ තොග රැස් කරන්නන් ට චෝදනා කරමින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ මහා පරිමාණ වී මෝල් හිමියන් සහ මහා පරිමාණ තොග රැස් කරන්නන් විසින් ඔවුන් සතු සම්බා සහ කිරි සම්බා තොග සඟවා තබා ගෙන සිටිමින් ඔවුන්ගේ ලාබය උදෙසා කටයුතු කරන බවද ඔහු චෝදනා කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51