සම්ප්‍රදායික ගොවීන් “ස්මාර්ට් ගොවීන්” කරන “Colombo Robotics Meetup 2025”සාර්ථකව අවසන්

NSBM හරිත සරසවිය සමඟ ඒකාබද්ධව පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලැබූ “Colombo Robotics Meetup 2025” වැඩසටහන NSBM හරිත සරසවි පරිශ්‍රයේදී ඊයේ (12) සාර්ථකව පැවැත්වුණා.

කෘෂිකාර්මික අංශයට රොබෝ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඊට අදාළ නවීන තාක්ෂණය හඳුන්වාදීම මෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඒ සඳහා පෙළගැස්වීම අරමුණු කර ගනිමින් පැවති මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින්, සිසුන් සහ නව නිපැයුම්කරුවන් 200කට අධික පිරිසක් එක්ව සිටියා.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් (Imperial College London) හි Morph Lab අධ්‍යක්ෂ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර, NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා සහ NSBM හරිත විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක ඇතුළු අධ්‍යයන, කර්මාන්ත සහ රාජ්‍ය අංශයට සම්බන්ධ පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා මෙහිදී NIRDC සම්බන්ධව හැඳින්වීමක් සිදුකළ අතර, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය කාර්යක්ෂම කිරීම උදෙසා නව තාක්ෂණයේ වැදගත්කම ද අවධාරණය කළා.

එමෙන්ම ඒ ආශ්‍රිත පර්යේෂණ වැඩිදියුණු කිරීම මගින් නිෂ්පාදන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ දැක්ම වේගවත් කළ හැකි ආකාරය ද ඔහු පෙන්වා දුන්නා.

නවීන කෘෂි තාක්ෂණය පිළිබඳ ඉදිරිපත් කිරිම් කිහිපයක් ද මෙහිදී සිදුවීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06