සම්පන්දන්ගෙන් හිස් වූ මන්ත්‍රී ධුරයට ෂන්මුගම් කුගතාසන් පත් කෙරේ

හිටපු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා නව මන්ත්‍රීවරයෙකු පත් කර තිබෙනවා.

එම මන්ත්‍රී ධුරය සඳහා ෂන්මුගම් කුගතාසන් මහතා ව පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත්තේ.

ඔහු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්.