spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමහර වෙලාවට පියෙක් වගේ අමිහිරි දේවල් කරන්න වෙයි -ඇමති බැසිල්

රජයේත් තමාගේත් ප්‍රමුඛතාවය වන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද (08) උදෑසන සිය අමාත්‍යධූරයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

එම අවස්ථාවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, තමාට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය වන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා,

“මේක ලොකු අමාරු කාර්යයක්. අපි අභියෝගය භාරගනිමු. අපි සියලුදෙනාම එකට වැඩකරමු කියන ඉල්ලීම කරමින්, අපේ අමාත්‍යාංශයේත් අපේ රජයේත් ඒ වගේම මගෙත් ප්‍රමුඛතාවය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්. ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවයයි. ඒ ප්‍රමුඛතාවයන් සියල්ල අපි දන්නවා. අපිට අවබෝධයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ රජයේ සියලුදෙනාට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියෙක් ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණත් අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. ඒකට සහයෝගය දෙන්න.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?