spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමස්ථ ශ්‍රී ලාංකිකයින්ටම ස්තූතියි කියමින් රාසා යළි මව්බිම බලා යන්න සැරසෙයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඊයේ (18) අවසන් වුණා.

මෙම තරග සංචාරයේ දී එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකේ ම ශූරතාව සත්කාරක ශ්‍රී ලංකාව දිනාගත්තා.

ඒ, අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බින්දුවක් ලෙසත්, විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා.

මෙම තරග සංචාරයේ දී ඉතිහාසයේ පළමුවරට විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරන්නට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවීම ද විශේෂත්වයක්.

ශිකන්දර් රාසාගේ නායකත්වයෙන් මෙම ඉතිහාසගත ජයග්‍රහණය සිම්බාබ්වේ කණ්ඩායම හිමිකර ගත්තා.

මේ අතර තරග සංචාරය අවසන් කරමින් යළි මව්බිම බලා යෑමට සූදානම්වන සිම්බාබ්වේ කණ්ඩාමේ විස්සයි විස්ස නායක තුන් ඉරියව් ක්‍රීඩක ශිකන්දර් රාසා ශ්‍රී ලංකා ජනතාවට ස්තූතිය පළකරන්නට ද අමතක කර තිබුණේ නැහැ.

ඒ, ඔහු සිය ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.

ශිකන්දර් රාසා එහි සඳහන් කර තිබුණේ මෙම තරග සංචාරයේ දී හිමි වූ ආදරය සහ සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට ස්තූතිවන්ත වන බවයි.

සිම්බාබ්වේ කණ්ඩායම අද (19) පස්වරු 6.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් සිම්බාබ්වේ දේශය බලා පියව යෑමට නියමිතයි.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
52
+1
3
+1
12
+1
1
+1
7
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?