සමස්ථ ශ්‍රී ලාංකිකයින්ටම ස්තූතියි කියමින් රාසා යළි මව්බිම බලා යන්න සැරසෙයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ඊයේ (18) අවසන් වුණා.

මෙම තරග සංචාරයේ දී එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකේ ම ශූරතාව සත්කාරක ශ්‍රී ලංකාව දිනාගත්තා.

ඒ, අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බින්දුවක් ලෙසත්, විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා.

මෙම තරග සංචාරයේ දී ඉතිහාසයේ පළමුවරට විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරන්නට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවීම ද විශේෂත්වයක්.

ශිකන්දර් රාසාගේ නායකත්වයෙන් මෙම ඉතිහාසගත ජයග්‍රහණය සිම්බාබ්වේ කණ්ඩායම හිමිකර ගත්තා.

මේ අතර තරග සංචාරය අවසන් කරමින් යළි මව්බිම බලා යෑමට සූදානම්වන සිම්බාබ්වේ කණ්ඩාමේ විස්සයි විස්ස නායක තුන් ඉරියව් ක්‍රීඩක ශිකන්දර් රාසා ශ්‍රී ලංකා ජනතාවට ස්තූතිය පළකරන්නට ද අමතක කර තිබුණේ නැහැ.

ඒ, ඔහු සිය ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.

ශිකන්දර් රාසා එහි සඳහන් කර තිබුණේ මෙම තරග සංචාරයේ දී හිමි වූ ආදරය සහ සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට ස්තූතිවන්ත වන බවයි.

සිම්බාබ්වේ කණ්ඩායම අද (19) පස්වරු 6.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් සිම්බාබ්වේ දේශය බලා පියව යෑමට නියමිතයි.

01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40