සමස්ත ලංකා ජයග්‍රහණය රැගෙන එන අතරතුර නිවස ගිනි රකුසාට බිලි වෙලා

රත්නපුර හිදැල්ලන ආනන්ද විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියක් විසින් තම පාසල නියෝජනය කරමින් ඒකල බටනලා වාදන අංශයෙන් සමස්ත ලංකා තරඟයට තේරී පත්වී තිබුණේ දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් ඇය ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණ සමඟින්.

එම සමස්ත ලංකා තරඟයට සහභාගි වීම සඳහා ඇය පෙරේදා (28) දිනයේ කොළඹට පැමිණ තිබූ අතර සියලුම තරගකාරියන් අභිබවා යමින් එම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇය සමත් වී තිබෙනවා.

තමන්ට මෙන්ම තම පාසලටත් ඉමහත් කීර්තියත් අත්කර දෙමින් එම ජයග්‍රහණයත් සමඟ නැවතත් එම දියණිය නිවසට පැමිණෙන්නේ ඉමහත් වූ සතුටින්.

නමුත් නැවත නිවස වෙත පැමිණි ඇයට දැකගත හැකි වුණේ හද කම්පා කරවන දසුනක් වන අතර ඇය ජීවත්වූ නිවස, තමාගේ සියලු වත්කම් සමඟින් ගිනිබත්වී තිබුණා.

ඇය සතුව තිබූ පාසල් නිල ඇඳුම්, පොත්පත් සහ සංගීත භාණ්ඩ ද ගින්නට හසුවී සම්පූර්ණයෙන් විනාශ වී තිබුණු බවයි පැවසෙන්නේ.

තරඟයට රැගෙන ගිය බටනලාව සහ ඇඳිවත පමණක් ඇය සතු එකම වස්තුව ලෙස ඇයට ඉතිරි වී තිබෙනවා.

රත්නපුර ගොළුවාවිල ප්‍රදේශයේ මෙම දියණියගේ පියා කුලී රථ රියදුරෙක් වන අතර මව රැකියාවක නිරත නොවන බවයි වාර්තාවන්නේ.

පවුලේ සිටින එකම දරුවා වන මෙම දියණිය සහ දෙමාපියන් දෙදෙනා ජීවත්ව ඇත්තේ වර්ග අඩි 60ක පමණවන මෙම කුඩා නිවසෙයි.

  1. මේ දියණියට පවුලට ඉන්න ගෙයක් සාදා දෙන්න වහාම කටයුත= කරන්න. ඇයගේ දක්ෂතා තව තවත් දියුණු කර ගැනීමට අවශ්‍ය සංගීත භාණ්ඩ ටික නැවත ලබාදීමද සිදුවිය යුත=ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08