සමස්ත රටම වසා දමනවද ? අගමැති පැහැදිලි කරයි

පසුගිය සති කිහිපය තුල කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාත්මකව වැඩි වුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සලකා කිසිදු විටෙක සමස්ත රටම අගුලු නොදැමීමට රජයක් ලෙස තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පල කලේ අද සවස චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් සමග පැවති හමුවේදීයි.

එහිදී ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ චීනය ශ්‍රී ලංකාවට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව ස්තූතිය ද පළකළා.

චීන ආරක්ෂක අමාත්‍යවරයා සමග වැඩිදුරටත් අදහස් හුමවාරු කර ගත් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අවදානය යොමුවී ඇත්තේ පවතින වසංගත තත්වය යටතේ වුව ද ලොව පුරා සිටින ආයෝජකයින්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව කෙරෙහි යොමුකර ගැනීම බවයි.

එම ආකර්ෂණය සහ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා චීන රජයේ සහයෝගය උදක්ම බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙරට නිල සංචාරයක යෙදෙන චීන ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළා.

එමෙන්ම ලොවම සසල කළ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ වුව ද ඉහළ පෙලේ චීන දූත පිරිස් අවස්ථා ගණනාවකදී සංචාරය සඳහා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයාගේ ස්තූතිය ප්‍රකාශ කෙරුණා.

අදාළ හමුවේදී මෙම වසරට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරයට සුභාෂිංශන පිරිනැමීමටත් අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැහැ. ලොවම ආක්‍රමණය කර ඇති මෙම බරපතල වසංගත තත්වය හමුවේ පැන නගින අභියෝග ජය ගැනීම සඳහා දැනට පවතින සහයෝගීතාව තව තවත් වැඩිදියුණු කර ගැනීමටත් චීන රජය සමග ඉතා සමීපව අඛණ්ඩව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53