සමස්ත මහ වර්ජනය අද 

මෑත ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික ප්‍රමාණයක් සහ ලක්‍ෂ සංඛ්‍යාත සේවක සහභාගීත්වයෙන් අද (28 දා) සමස්ත මහා වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කෙරේ.

ගාලුමුදොර, අරලියගහ මන්දිරය ඇතුළු ආණ්ඩුවට එරෙහිව රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ජන අරගලය ජයග්‍රහනය කරවීම සඳහා මෙම මහා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, ලංකා විදුලි පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, රජයේ එක්සත් කළමනාකරණ සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය, විශ්වවිiාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, ජාතික සේවක සංගමය, ලංකා වැවිලි සේවා සංගමය, තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය, ග්‍රාම නිලධාරී සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය එකමුතුව ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක සේවකයන් මෙම වෘත්තීය අරගලය ශක්තිමත් කිරීම සඳහා එක්වන බවද කුමුදේශ් මහතා කීය.

මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාවට එපා වූ ආණ්ඩුවක් නොමැති තරම් බවත් ඔහු පැවසීය. ජනතාවට ජීවත්වීමට ඇති මාර්ග අහුරමින්, ජනතාව මත තව තවත් බර පටවමින්, මහජන මුදල් නාස්ති කරමින්, තමන් හා තම සහචරයන්ගේ මඩිය තරකර ගන්නා මෙම පාලනය ඉවත් කළයුතු බව ද ඔහු කීය. ඒ සමගම මොවුන් වෙනුවට තවත් මෙවැනිම ජනතා ද්‍රෝහීන් රැළක් ජනතාව රවටමින් බලයට පැමිණීම වැළැක්වීමට පියවර ගතයුතු බවද ඔහු පැවසීය.

මෙම ආණ්ඩුව බලයට පැමිණි පසු මැති ඇමැතිවරුන් සැප විඳිමින් සීනි බදු වංචාව, ඇන්ටිජන් මගඩිය, සුදු ලූනු වංචාව වැනි දූෂණ හා වංචා අති විශාල ප්‍රමාණයක් සිදු කළ බව ද ඔහු කීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන්ද අද නිවාඩු වාර්තා කර නිදහස් චතුරස්‍රය අසල පෙරවරු 10.00 සිට නිහඩ විරෝධතාවක් පවත්වයි. මෙම එක් දින වර්ජනය හේතුවෙන් රට පුරා රජයේ කාර්යාලවලින් රාජකාරි කටයුතු සිදුකර ගැනීමට පැමිණෙන මහ ජනතාවට සිය සේවාවන් ඉටුකර ගැනීමේ අපහසුතා ඇතිවීමට ඉඩ ඇති නිසා ඒ සඳහා විකල්ප දින සැලසුම් කරන ලෙස ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඉල්ලා සිටී.

විදුලි ඉංජිනේරු සංගමය ද අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යෑම සඳහා ඉංජිනේරුවන් රඳවා තැබීමටත් සංගමයේ අනෙකුත් සාමාජිකයන් අද නිවාඩු වාර්තා කර කොළඹ කොටුවේ විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට දහවල් 11.00ට විරෝධතාවක් පවත්වන බවත් එම සංගමය කියා සිටී.

මේ අතර වෘත්තීය අරගලයට එක්වන ඇතැම් වෘත්තීය සමිති ගාලුමුවදොර පැවැත්වෙන නිර්පාක්‍ෂික විරෝධතාව පැවැත්වෙන භූමිය වෙත යෑමට ද තීරණය කර තිබේ.

වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙකු දැක්වූ අදහස් මෙසේය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා,

ලියාපදිංචි වෘත්තීය සමිති දාහක් අද වැඩ වර්ජනයට එකතු වෙනවා. ජන පීඩක, මිනීමරු ආණ්ඩුව එළවා දැමීම මෙහි මුඛ්‍ය අරමුණයි. 53 හර්තාලයෙන් පසු දියත් කරන විශාලම හර්තාල් ව්‍යාපාරය අපි ලබන 06 වැනිදා ක්‍රියාත්මක කරනවා. 4, 5, 6 දිනවල පාර්ලිමේන්තුව පැවැත්වෙනවා. එහිදී හොඳ තීන්දුවක් ගත හැකියි. එසේ නොවුණොත් රටේ සමස්ත ජනතාව එකතු කරගෙන මහා හර්තාලය අපි දියත් කරනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, ජෝසප් ස්ටාලින් මහතා,

ගුරු විදුහල්පති සන්ධානය හැටියට සමස්ත ගුරුවරු විදුහල්පතිවරු ගුරු උපදේශකවරු මෙම වැඩ වර්ජනයට සහාය දක්වනවා. මේ රට සම්පූර්ණ අකර්මන්‍ය කරන තීරණයක් තමයි වෘත්තීය සමිති එකමුතුව අරගෙන තිබෙන්නේ. මෙහි අරමුණ ජනපීඩක ආණ්ඩුව පළවා හැරීමයි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා,

දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති ඇතුළු සංගම් රැසක් මෙම වර්ජනයට සහාය දෙනවා. දුම්රිය ධාවනයන් කිසිසේත්ම වෙන්නේ නැහැ. ජන පීඩක ආණ්ඩුව මේ හඬට ඇහුම්කන් දිය යුතු බව අපි අවධාරණය කරනවා.

මධ්‍යම පළාත් අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ප්‍රධාන ලේකම් අජිත් තිලකරන්න මහතා,

ඉන්ධන මිල ඉතාම ඉහළ ගොස් තිබෙනවා. පාරිභෝගික ද්‍රව්‍ය මිලත් එසේමයි. ඊට සමගාමීව කිසිදු වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවය තුළ සිදුව නැහැ. මේ දූෂිත පාලකයන් නිසා වසර ගණනාවක් අපි දුක් විඳිනවා. ඒ නිසා මේ දූෂිත පාලනය නෙරපන තුරු අපි අරගලයේ යෙදී සිටිනවා.

අද ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය ආණ්ඩුවට එරෙහිව සිදුකරන බවට ආණ්ඩුව තේරුම් නොගෙන තවදුරටත් බලයේ රැඳීමට උත්සාහ කරනවා නම් ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන සාකච්ඡා කර තීරණය කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලට මහ වැසි ඇදහැලෙන අයුරු මෙන්න..මුහුදු තීරයත් රළුවෙලා
01:49
Video thumbnail
නොසන්සුන්වූ මැගසින් බන්ධනාගාරයේ අවට දර්ශන - ආරක්ෂක අංශ එක පොකුරට එයි
03:21
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43