spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමන් ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට(වීඩියෝ)

මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි. නගරාධිපතිවරයා අද උදෑසන නීතීඥවරයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

එම සිදුවීම සම්බන්ධයෙන් අප හිරු පුවත් තුලින් ගෙන ආ වාර්තාව පහතින්

එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ගල්කිස්ස පොලිසියට භාරවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?