සමථ මණ්ඩලේ තීරණයට සුනඛයා එල්ලා මැරූ කත රක්ෂිත බන්ධනාගාරයට

මාන්කුලම, චෛත්‍යකුලම් ප්‍රදේශයේ දී සුනඛයෙක් එල්ලා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර කාන්තාව අද (27) දිනයේ මාන්කුලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ චෛත්‍යකුලම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්.

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම සමථ මණ්ඩලයක් විසින් එම සුනඛයා එල්ලා මරා දැමීමට ලබාදුන් තීන්දුවකට අනුව එම සුනඛයා ඝාතනය කර ඇති බවයි අනාවරණය වුණේ.

සුනඛක් විසින් එළුවෙකු සපා කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුල පිළිබඳ පැමිණිල්ලක් මාන්කුලම සමථ මණ්ඩලයක් තුළ විභාගයට ගත් අවස්ථාවේ එම සුනඛයා එල්ලා මරණ ලෙසටයි තීන්දුව ලබා දී ඇත්තේ.

එම තීන්දුවෙන් පසු සුනඛයා හිමි පාර්ශවය විසින් එම සතවයා එළුවන් හිමි පාර්ශවයට ලබාදී ඇති අතර, අනතුරුව එළුවන් හිමි පාර්ශවයෙන් කාන්තාවක් සුනඛයාගේ ගෙල සිරවෙන ලෙස ගසක එල්ලා මරා දමා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ මාන්කුලම පොලිසිය සැකකාර කාන්තාව අද (27) අලුයම අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39