සමගි ජන බලවේගය සමග නම් අනාගතය සුබයි – තිස්ස අත්තනායක මහතා

එක්සත් ජාතික පක්ෂයේ ඉරණම භයානක බවත්, එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් ඇත්තේ සමගි ජන බලවේගය සමග එක්විමෙන් බව ජාතික සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පා.ම තිස්ස අත්තනායක මහතා පැවසිය.

තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (30) දින ගිනිගත්හේන පිටවල ශ්‍රි විජිතාරාම විහාරස්ථානයේ විහාරාධිපති නාවලපිටියේ ඛේමානන්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිම සදහා එම විහාරස්ථානයට පැමිණිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

විපක්ෂයේ කාර්ය භාරය අපි උපරිම අයුරින් සිදු කරනවා, තව බොහෝ දෙවල් කල යුතුයි.

රටේ මේ වන විට විශාල ජන පිඩාවක් ඇති වෙලා තියෙනවා, විශ්වාසය කඩ කිරිමක් සිදු වෙනවා, ජනතාවට අභියෝග එල්ල වෙලා තියෙනවා.

ඒ නිසා අපි ජනතාව වෙනුවෙන් තව කටයුතු කරන්න ඕනි , ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙමින් ඉන්නවා.

විපක්ෂයේ කාර්ය සාර්ථක කර ගන්න සිවිල් සංවිධාන එකතු කරගැනිමට අපි මේ වන විට වැඩ පිලිවෙලක් දියත් කරමින් ඉන්නවා.

මිලග මැතිවරණය තිරණාත්මක මැතිවරණයක්, එ සදහා සමගි ජල බලවේගය මුලික කරගත් ව්‍යාපාරයකට අපි යන්න වෙනවා.

එ සදහා සමගි ජන සන්ධානය නමින් වැඩ පිලිවෙලක් යොදවලා තියෙනවා. මේ සදහා අපි මිත්‍ර දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන , මෙතෙක් අපි සමග කටයුතු නොකල දේශපාලන පක්ෂයත් එකතු කරගන්නවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අපි දැවැන්ත පෙරමුණක් හදන්න කටයුතු කරමින් ඉන්නවා.

හම්බන්තොට වරාය බදු දිම අපි කිසිසෙත් සාධාරණිකරණය කරන්නේ නැ, ජාතික සම්පත් ආරක්ෂා කරගත යුතුයි.

සමගි ජන බලවේගය නව පක්ෂයක් , අපි පෙර වැරදි නිවැරදි කරන්න ඇවිල්ලා ඉන්නේ.

ජාතික සම්පත් විකිණිමට , බදු දිම , කලමණාකාරිත්වයකට පැවරිමට ජාතික සමගි ජන බලවේගය එකග වෙන්නේ නැ.

වෘත්තිය සමිති කියන කාරණා සම්බන්ධයෙන් පෙරමුණ ගන්න සමගි ජන බලවේගය සුදානම්.

හම්බන්තොට වරාය විකිණිම හෝ බදු දිමට අපි එකගතාවයක් නැ , ඒ සම්බන්ධයේ පැවති ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.

අපි කියන්නේ අනාගතයේ එවැනි තත්ත්වයන් ඇති නොවිය යුතුයි කියලා.

ආණ්ඩුව සෞභාග්‍යා දැක්මේ පෙන්වලා තියෙන කාරණයක් තමයි, රජය කිසිදු ආකාරයෙන් ජනතා දේපල විකුණන්නේ නැ කියලා.

විකුණපු ජාතික සම්පත් ආපසු ගන්නවා කියපු ආණ්ඩුව මේ ඇවිල්ලා මොකක්ද කරන්නේ?

ඒක කරන්නේ නැනේ , විවිධ නම් වලින් ජාතික සම්පත් විකිණිමනේ ආපසු කරන්නේ.

නැගෙනහිර වරාය කියන්නේ රන් ආකරයක්, දකුණු ආසියාවේ තියෙන හොදම ජැටිය විකිණිමට සියළුම පිඹුරුපත් සකසලා ඉවරයි.

සර් විතරක් නෙවෙයි ආණ්ඩුවම ෆෙල් , රට ෆෙල් වෙන්න දෙන්න බැනේ, ජනතාව කොවිඩ් 19 වෛරසය සමග  බරපතල අර්බුධයකට මුහුණපානවා.

පරිපාලනයෙන් බිද වැටිම හරහා  රට තවදුරටත් අසාර්ථක වෙමින් පවතිනවා. ජනාධිපතිවරයත් , ආණ්ඩුවත් අසාර්ථක වෙමින් ඉන්නවා.

එකසත් ජාතික පක්ෂයේ ඉරණම ඉතාමත් භායානකයි, අපේ සහෝදර දේශපාලන පක්ෂය විනාශ වෙනවා දකින්න අපි කවුරුත් කැමති නැ.

එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් තියෙන්නේ සමගි ජන බලවේගය සමග කටයුතු කලොත් පමණයි.

එහෙම නැතුම තනිවම පෙරමුණ ගන්න ගියොත් වෙන්නේ සම සමාජ කොමියුනිට්ස් පක්ෂ වලට වුණ දේමයි.

අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයට සමගි ජන සන්ධානය සමග එකතු වෙන ලෙසයි. යනුවෙන් පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23