සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.

රාජිත සේනාරත්න මහතාට බරපතළ අමාරුවක් නොමැති අතර සුළු වශයෙන් කැස්ස පවතින බව ද වාර්තා වේ.