සබ්මැරීනය අතුරුදන් වූ ප්‍රදේශයෙන් ශබ්දයක්

උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ සබ්මර්සිබල් වර්ගයේ සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

සබ්මැරීනය සොයමින් සිටින සහන කණ්ඩායම්වලට එය අතුරුදහන් වූ ස්ථානයට ආසන්න ප්‍රදේශයෙන් කිසියම් ශබ්දයක් ශ්‍රවණය වී ඇති බවයි එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කළේ.

කැනේඩියානු ගුවන් යානයක් සෝනාර් බෝයි භාවිතා කරමින් එක්සත් ජනපද නාවික හමුදාවේ විශේෂඥයින් එම ශබ්දය සම්බන්ධයෙන් විශ්ලේෂණය කරමින් සිටින බව සඳහන්.

ඉරිදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් දෙසට ගිය මෙම සබ්මැරීනයේ පුද්ගලයින් පස් දෙනෙකු ගමන් කර තිබුණා.

ලොරියක පමණ ප්‍රමාණයකින් යුතු ‘ටයිටන්‘ නමැති මේ සබ්මැරීනය මුහුදට දියත් කිරීමෙන් පැය දෙකක් ගතවීමටත් පෙර සහායක නෞකාව සමඟ තිබූ සම්බන්ධතාව බිඳ වැටී ඇති අතර, එය සොයා ගැනීම සඳහා අමෙරිකාව සහ කැනඩාව ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

සෙවීමේ මෙහෙයුම්වලට එක්ව සිටින බලධාරීන් ඇස්තමේන්තු කරන්නේ සබ්මැරීනයේ ඔක්සිජන් ඇත්තේ තවත් පැය කිහිපයකට පමණක් බවයි.

සබ්මැරීන චාරිකාව කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි සාන්ත ජෝන් දූපතේ සිට ආරම්භ වී ඇති අතර, ගොඩබිම සිට කිලෝමීටර් 700ක පමණ දුරින් ටයිටැනික් නෞකාව ගිලී ගිය සීමාව දක්වා කැනඩාවට අයත් පෝලර් ප්‍රින්ස් නමැති සහායක නෞකාවෙන් රැගෙන යෑමෙන් පසු එම ස්ථානයේදී ගැඹුරු සාගර පතුලට දියත් කර තිබුණා.

ගැඹුරු මුහුදේ GPS තාක්ෂණය හෝ රේඩියෝ සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව නොමැති බැවින් එම සබ්මර්සිබලයට සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව ඇත්තේ සහායක නෞකාව සමඟ පමණක් බවයි වාර්තා වන්නේ. එබැවින් සබ්මැරීනයේ ඔක්සිජන් නිමාවීමට පෙර එය සොයා ගැනීම මෙහෙයුම් කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් වී තිබෙනවා.

සබ්මැරීනයේ සිටි පස්දෙනා අතර බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙක් (58), පකිස්තාන ව්‍යාපාරිකක් (48) සහ ඔහුගේ පුත්‍රයා (18), ප්‍රංශ ගවේෂකයෙක් (77) සහ සබ්මැරීනය අයත් ඕෂන්ගේට් හි ප්‍රධාන විධායක ස්ටොක්ටන් රෂ් (61) ඇතුළත්.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ සංචාරකයන් පිරිස සබ්මැරීනය තුළ සිටියදී එහි පිටතින් මුද්‍රා තබා ඇති බවයි. එබැවින් ඔවුන් මතුපිටට පැමිණිය ද තනිව ඉන් පිටතට පැමිණීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

සෝදිසි මෙහෙයුම මේ වන විට වර්ග සැතපුම් 7,600 (වර්ග කිලෝමීටර 1,970) ක ප්‍රදේශයක් ආවරණය කර ඇති අතර එය එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයට වඩා විශාලත්වයකින් යුක්තයි.

පුද්ගලික යාත්‍රා කිහිපයක් ද සෙවීම් කටයුතු සඳහා සහය වී ඇති අතර ප්‍රංශය විසින් රොබෝ යන්ත්‍රයක් සහිත යාත්‍රාවක් ද යවා ඇති අතර කැමරාවක් සහිත ROV යානයක් ද ගවේෂණය කරමින් සිටිනවා.

1912 වසරේ දී සවුත්හැම්ප්ටන් සිට නිව් යෝර්ක් දක්වා සිය මංගල ගමනේදී අයිස් කුට්ටියක ගැටීමෙන් එවකට තිබූ විශාලතම නෞකාව වූ ටයිටැනික් නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 2,200න් 1,500 කට වැඩි පිරිසක් මරණයට පත් වුණා.

එහි සුන්බුන් 1985 වසරේ දී සොයා ගත් දා සිට සංචාරක ආකර්ෂණයට ලක්වූ අතර පුළුල් ලෙස ගවේෂණයට ද ලක්වුණා.

අත්ලාන්තික් සාගරයේ අඩි 12,500ක් (මීටර් 3,800) යට පිහිටා ඇති මෙම සුප්‍රසිද්ධ සුන්බුන් නැරඹීම සඳහා දින අටක ගවේෂණයක් සඳහා එක් අයෙකුගෙන් ඩොලර් 250,000 (£195,270) අය කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
6
+1
1
+1
7
+1
44
+1
12
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10
Video thumbnail
ගොවියෝ, ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි - මේකට කන්න දෙන්න ඕනි අසූචි..එදා ඇඳුම් නැතුව ආවේ
04:32
Video thumbnail
කුණුහරුපවලින් පිරුණු ළමා ලෝකය කොච්චර සුන්දර බලන්නකෝ ?කවුද මේ එළියට එන වචනවලට වග කියන්නේ ?
03:32
Video thumbnail
මේ මාලිමා පාතාලයද ? අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - ළදරු කුපාඩියෝ මෙතනට ඇවිල්ලා
09:03
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48