සබරේ දූෂණ සහ අක්‍රමිකතා සොයන්න ස්වාධීන පරීක්ෂණ කමිටුවක්

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව තිබෙන සියලු දූෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

එහිදී වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙසයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයයේ 2023 මූල්‍ය වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කෝප් කමිටුවේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගිය 04 වනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ සිදුවීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

එහිදී එම සිදුවීමට පාදක වූ විශ්වවිද්‍යාලයේ පැවැත් වූ අවුරුදු උත්සවය පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය පාලකවරයා එම සංවිධානය කෙරුණු අවුරුදු උත්සවය පිළිබඳව පාලනාධිකාරිය විසින් තමන්ව දැනුවත්ව නොකළ බව පැවසුවේ.

නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව එම අවුරදු උත්සවය සඳහා අනුමතිය ලබාදී ඇති බවද ඔහු පැවසුවා.

එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාර තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම් දී තිබූ බව ද ශිෂ්‍ය විනය පාලකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

ඒ අනුව පාලනාධිකාරිය අතින් යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ සොයාබැලීම්, මඟ හැරී ඇතිබව නිරීක්ෂණ වන බව කාරක සභා සභාපතිවරයා පැවසුවා.

මේ සිදුවීමට අදාළව ද නිසි කාර්යක්ෂම ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට කාරක සභාව අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවා.

මේ අතර 2022 වසරේදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට කොන්ත්‍රාත්කරුවෙකු සඳහා විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවරසර ලබාදීම පිළිබඳ සිදුවීමද කාරක සභාවේදී සාකච්ඡා වුණා.

පාලනාධිකාරිය විසින් මෙලෙස පස් කපාගෙන යාමට අභ්‍යන්තරව අවසර ලබා දුන්නද පසුව එය වැරදි ක්‍රියාවක් යැයි හැඟී යාමෙන් පසු නිසි අවසරය අදාළ කොන්ත්‍රාත්කරුට ලබානොදුන් බව විශ්වවිද්‍යාල බලධාරීන් මෙහිදී අදහස් දක්වමින් පැවැසුවා.

කෙසේ වෙතත් 2022.10.19 වැනි දින අදාළ කොන්ත්‍රාත්කරු මෙ‍ෙලස පස් කපාගෙන යාම සම්බන්ධව විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ පාලනාධිකාරිය දැනුවත් කළ ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිදුවීම පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ 2024 වසරේ දී බව කාරක සභාවේදී අනාවරණය වුණා.

මේ අතර විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන් පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා වුණා.

එහිදී අදහස් දක්වමින් නිලධාරීන් පෙන්වා දුන්නේ සමස්ථයක් ලෙස වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ගෙන් 7,000 කට ආසන්න ප්‍රමාණයක් පළමු අවස්ථාවේ ලියාපදිංචි නොවන බව පැවසුවා.

කෙසේ වෙතත් වටකිහිපයක් ලියාපදිංචි කිරීමෙන් පසු අදාළ පුරප්පාඩු සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීන් පෙන්වා දුන්නා.

ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීම දැඩිව අවධානය යොමු කිරීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.

තවද 2014 වසරේදී රුපියල් මිලියන 123 කට වඩා වැඩි මුදලක් වැයකර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාගාරය ඉදිකර තිබුනත් ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම ,බොරළු මිශ්‍ර පස් සේදී යාම නිසා මතුපිට රළු ස්වභාවයක් ගැනීම හා පැති බැම්ම පුපුරා යමා ආදී ගැටලු රැසක් පැන නැගී තිබු බව විගණන කාර්යාලය විසින් පෙන්වා දුන්නා.

ඒ අනුව කෝප් කමිටුව දුන් පෙර නිර්දේශ මත ක්‍රීඩාපිටියේ පැති බැම්ම හා ක්‍රීඩාගාරය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය (CECB ) විසින් පිළිසකර කර විශ්වවිද්‍යාලය වෙත බාරදී තිබුණ ද ක්‍රීඩාපිටිය නිසි ලෙස භාරගෙන නඩත්තු නොකරන බව විගණනය විසින් පෙන්වා දෙනු ලැබුවේ.

ඒ හේතුවෙන් ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම හා මතුපිට රළු ස්වභවය හේතුවෙන් සිසුන්ට ක්‍රීඩා කිරීමේදී දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවද කාරක සභාවේදී අනාවරණය වුණා.

මේ සම්බන්ධව කරුණු විමසීමේදී විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් පෙන්වා දුන්නේ එම ප්‍රදේශයේ පවතින භෞතික පිහිටීම මත ක්‍රීඩාපිටියේ වේයන්ගේ පස් තැනින් තැන මතුවන බවයි.

මෙහි දී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ක්‍රීඩාංගණය නඩත්තු කිරීම සඳහා නිශ්චිත පුද්ගලයෙකුට වගකීමක් සහිතව භාරනොදීම පිළිබඳව විමසා සිටියා.

එමෙන්ම මෙවැනි විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන විට එය අධීක්ෂණය කිරීම සඳහා ඉංජිනේරුවරයෙකු ස්ථිරව පත් නොකොට වැඩ ඉංජිනේරුවරයෙකු මාර්ගයෙන් අදාළ අධීක්ෂණ කටයුතු සිදුකිරීම පිළිබඳව ද විගණනය විසින් පෙන්වා දුන් කරුණ පිළිබඳවද විමසා සිටියා.

ඒ සඳහා පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා පෙන්වාදුන්නේ තමන්ට උපකුලපතිවරයා විසින් එම රාජකාරිය නොපැවරූ බවයි.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩාපිටිය නඩත්තු කිරීම සඳහා වරෙක පිරිසිදු කිරීමේ අංශයට භාරදී ඇති අතර, වර්තමානය වනවිට ක්‍රීඩා අංශයට භාර දී ඇති බව කාරක සභාවේදී අනාවරණය වුණා.

මේ අතර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ දී වැඩ ඉංජිනේරුවරයාගේ සහතිකය මත අදාළ කොන්ත්‍රාත්කරු ඉල්ලුම් නොකළ ලක්ෂ 26කට අධික මුදලක් ලබා දී ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.

එමෙන්ම විශ්වවිද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ කොන්ත්‍රාත්කරු විසින් ගිවිසුම්ගත වැඩ පැහැර හැර, ඉදිකිරීම් වැඩ නවතාදමා තිබිය දී අත්තිකාරම් බැඳුම්කරය මුදල් කර නොගැනීම හේතුවෙන් ද රුපියල් ලක්ෂ 288කට අධික මුදලක අලාභයක් සිදුව ඇති බව විගණන කාර්යාලය පෙන්වා දී තිබූ අතර, එම අලාභය වෙනුවෙන් අධිභාර නිවේදනයක් ද නිකුත් කර තිබුනත් මේ වනවිටත් එය අධිභාර කරගෙන නොතිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් නැවත සිදුනොවීම උදෙසා සියලු ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රමවත්ව අධීක්ෂණය කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකාරවරයෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබූ නමුත් ඔහුද මාස 04කට අඩු කාලයක් පමණක් සේවය කර ඉල්ලා අස්වී ඇති බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම සේවා පහසුකම්වල පවතින ඌනතා ලබාදෙන ලෙස ඉල්ලීම් කළ ද එම ඉල්ලීම් ඔහුට නොලැබීම හේතුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ද කාරක සභාව තුල දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39