සබරගමුව විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙකු පත්කර තිබෙනවා.
අද පෙරවරුවේ මෙම පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි සිදු කරනු ලැබුවේ.
නව උපකුලපති තනතුරට පත් ව ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ම ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්‍ය එම්. සුනිල් ශාන්ත යි.
මෙම නව පත් කිරීම හෙට දිනයේ දී සිට බලාත්මක වනු ඇති.
එය ඉදිරි වසර 03ක් සඳහා බලපැවැත්වෙන බවත් වාර්තා වනවා.













