සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ අක්‍රමිකතා සෙවීමට නව කමිටුවක්

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සිදු වූ බව කියන පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජිකයින් 04 දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව පත්කරන ලද්දේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් බවයි.

මෙම කමිටුවේ සභාපති ධුරය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා විසින් දරන අතර රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඩබ්.එම්.සී බණ්ඩාර මහතා කමිටු සාමාජිකයින් ලෙස ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහකාර අභ්‍යන්තර විගණක හසන්ති පතිරණ මහත්මිය කැඳවුම්කරු ලෙස ද පත්කර තිබෙනවා.

ඉහත සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් මෙම කමිටුව විසින් දින 60ක් තුළ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39