සබන් හා නූඩ්ල්ස් ආනයනය ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

සබන් සහ නූඩ්ල්ස් ආනයනයට අදාළව සමාගම් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (17) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීයි.

එමෙන්ම 1989 අංක 13 දරණ සුරාබදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඒ සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවීම ද මෙහිදී සිදු වුණා.
.
පෙර පැවති කාරක සභා සාකච්ඡාවලදී සබන් නිෂ්පාදනය සඳහා සබන් සහ නූඩ්ල්ස් ආනයනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර, සමාගම් කිහිපයක් පාම් ඔයිල් මේද අම්ල ආනයනය කරන බවත්, මෑතක දී රේගු බදු වෙනස් කිරීම හේතුවෙන් මේ සඳහා 24%ක් අය කරන බවත් මෙහිදී අනාවරණය වුණා.

මේ අතර ඇතැම් සමාගම් මේ වන විට සබන්, නූඩ්ල්ස් නිෂ්පාදනය සඳහා අඩු බදු අනුපාත යටතේ පැල්මිටික් සහ ලෝරික් අම්ල ආනයනය කරන බව ද මෙහිදී හඳුනා ගැනුණා.

ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ (ITISL) වාර්තාව අනුව සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි, සබන්, නූඩ්ල්ස් හා සසඳන විට පැල්මිටික් සහ ලෝරික් අම්ල යොදාගෙන සබන් නිෂ්පාදනය කිරීමේ විශාල තාක්ෂණික ආයෝජනයක් හෝ වෙනසක් නොමැති බව ද සඳහන් වුණා.

මේ අනුව, සබන්, නූඩ්ල්ස් සෘජුවම ආනයනය කරනවාට වඩා සැලකිය යුතු අඩු මුදලකට අම්ල ආනයනය කිරීම මඟින් අදාළ ආයතන වංචාවන් සිදුකරනවා ද නැද්ද යන්න සොයා බැලිය යුතු බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අවධාරණය කළා.

ඒ අනුව, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්තාව තහවුරු කොට කාරක සභාව වෙත ලබාදෙන ලෙස මෙහිදී නිර්දේශ කරනු ලැබුවා.

එමෙන්ම බදු සංශෝධනය මඟින් උපයන මාසික ආදායම පිළිබඳවත්, වෙළඳපොළේ සබන් මිල උච්ඡාවචනය වන ආකාරය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙසත් මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කළා.

තව ද 2024 වසර සඳහා ජාතික විගණන කාර්යාලයේ අයවැය ඇස්තමේන්තු සලකා බලනු ලැබූ අතර, ඒ සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01