සබන් නිෂ්පාදන ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක්

මෙරට වෙළෙඳපොළ තුළ පවතින සබන් නිෂ්පදනයන්වල නම සහ සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ඇසුරුම් මත සඳහන් කිරීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම නියෝගය පනවා ඇත්තේ.

පසුගිය වකවානුව තුළ විවිධ සන්නාමයන් යටතේ සබන් වර්ග රැසක් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීම නිරීක්ෂණය කර ඇති අතර ඒවා නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නව රෙගුලාසි නිකුත් කර තිබෙනවා.

ජනතාව අතර ජනප්‍රිය මෙන්ම වසර ගණනාවක් පුරා වෙළෙඳපොළ තුළ පවතින ප්‍රධාන සබන් සන්නාම බොහොමයක් අදාළ නිර්දේශ නිවැරදිව අනුගමනය කරන අතර එම නිෂ්පාදනයන්හි අන්තර්ගත අමුද්‍රව්‍ය වර්ගද ඇසුරුම් මත ප්‍රදර්ශනය කරනු ලබනවා.

එහෙත් වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන ඇතැම් සබන් නිෂ්පාදන ඇසුරුම්වල එම නිෂ්පාදන තුළ අන්තර්ගත අමුද්‍රව්‍ය හෝ මේද පදාර්ථ ප්‍රතිශතය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවට චෝදනා එල්ල වෙමින් පැවති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවන්නේ.

ඒ අතර ඇති බහුතර සබන් නිෂ්පාදනයන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර, ඇතැම් සබන් නිෂ්පාදනයන් විදේශයන්ගෙන් ආනයනය කරන ඒවා බවටද තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව අදාළ නිෂ්පාදන නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා අතුරින් භාෂා දෙකකින් ප්‍රධාන රාමුව මතද, අනෙක් භාෂාවෙන් වෙනත් ඕනෑම රාමුවකද සටහන් කළ යුතු වනවා.

ඇසුරුම් කරන ලද අවස්ථාවේ දී නිෂ්පාදනයේ අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ප්‍රතිශතයක් (%) ලෙස පැහැදිලිව, ප්‍රකටව සහ මිලිමීටර් 2 (මි.මී. 2) ට නොඅඩු ඝන අකුරින් මුද්‍රණය කළ යුතුයි.

මෙම විධානය අදාළ වන සබන් වර්ග (උපලේඛනය) මෙම නව රෙගුලාසි ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවීන් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් සඳහා අදාළ වනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාරගේ නිර්දේශ පරිදි 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විධිවිධාන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01