සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ටැංකියක තෙල් කාන්දුවක්! කැළණි ගඟ දැඩි අවදානමක

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිහිටා ඇති දැවි තෙල් ගබඩා කරන භූ ගත ටැංකියකින් තෙල් කාන්දුවක් සිදුවී තිබේ.

ඒ අනුව එම දැවි තෙල් අධික වර්ෂාව හේතුවෙන් ජලය සමඟ මිශ්‍ර වී තිබේ.

එය සිදුව ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේදීය.

දැවි තෙල් මිශ්‍ර ජලය කැළණි ගඟට මුසුවීම වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක සාමාජිකයින් සමත් වු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.