සපුගස්කන්ද ගමන් මල්ලෙන් හමුවූ කාන්තාව මරා දැමු ආකාරය එළියට

සපුගස්කන්ද – මාබිම – තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ දමන ස්ථානයක තබා ගිය කාන්තාවගේ මරණය ඝාතනයක් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

එම ඝාතනයට අදාළව සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

36 හැවිරිදි මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 36 හැවිරිදි අඹු-සැමි යුවළක් එළෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් වාහනය ද සොයාගෙන තිබේ.

එම කාන්තාව මරා දමා ඇත්තේ මට්ටක්කුළියේ නිවසකදී හිසට පොල්ලකින් පහරදී බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇත.

මියගිය කාන්තාව සමග එකට සූදු ක්‍රීඩාවේ නිරත වන කාන්තාවක් සහ එම කාන්තාවගේ සහෝදරයා එක්ව ඇයව මරා දමා ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

රොෂානා නැමැති එම කාන්තාවගේ සොයුරු මොහෙසඩ් නෞෂාඩ් නැමැත්තා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටින්නෙක් බවත් ඇගේ සැමියා නිසි රැකියාවක් නොමැතිව ජීවත්වන්නෙක් බවත් පොලීසිය පවසයි.

ඝාතනයට ලක්වූ කාන්තාව රොෂානා නැමැති සැකකාර කාන්තාව දැන හදුනාගෙන ඇත්තේ බූරු පිටිවලදීය.

රොෂානා නැමැති කාන්තාව සූදුව නිසා හැම තැනටම ණය වී සිටින්නියක් බවද අනාවරණය වී ඇත.

ඝාතනය වූ කාන්තාව උකස් කර ඇති රන් භාණ්ඩ බේරාගැනීමේ ව්‍යාපාරික කටයුත්තකද නිරතව සිට ඇති බව සදහන්ය.

සූදුව සදහා මුදුවක් උකස්කර ඇති බැවින් එය සින්න වීමට නියමිත බැවින් එය බේරාගෙන තමාට ද කීයක්හරි දෙන ලෙස රොෂානා නැමැති කාන්තාව ඝාතනයට ලක්වූ කාන්තාවට පවසා ඇති බවද පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

ඒ අනුව ඉකුත් 28 වෙනිදා උකස් පොලට දෙදෙනාම ගොස් රන් මුදුව බේරාගෙන මට්ටක්කුළියේ නිවසට ගොස් තිබේ. එහිදී රොෂානාත් ඇගේ සහෝදරයාත් එක්ව මෙම කාන්තාවගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇගේ කණකර භාණ්ඩ ගලවා මළ සිරුර ගමන් මල්ලක දමා ඇති බව පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.

මෙම ඝාතනය සිදුවන විට රොෂානා නැමැත්තියගේ සැමියා නිවසේ සිට නැති අතර එදින සවස ඔහු නිවසට පැමිණෙන විට මළ සිරුර දැක ඒ ගැන විමසීමේදී සිදුවූ දෙය පවසා තිබේ.

එදින එම මළ සිරුර එම නිවසේ තබා පසුදින ලොරි රථයක් කුළියට ගෙන නිවසේ ශිතකරණය කැඩී ඇති බව පවසමින් එය ලොරියට පටවාගෙන වැල්ම්පිටියට රැගෙන ගොස් ඇත. ශීතකරණය සමග මළ සිරුර තිබුණු ගමන් මල්ල පැදුරක ඔතා එයට ලොරියට දමාගෙන තිබේ.

වැල්ලම්පිටියේදී එම මළ සිරුර සහිත ගමන් මල්ල රොෂානා නැමැති කාන්තාවගේ සහෝදරයා විසින් පදවාගෙන පැමිණි ත්‍රී රෝද රථයක පටවා ඇත.

එදිනම එම මළ සිරුර සපුගස්කන්ද කසල ගොඩට විසිකර ඇති බවද පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ සියළු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඝාතනය කිරීමෙන් අනතුරුව කොල්ලකෑ රන් භාණ්ඩ සහ මුදල්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20