සපුගස්කන්ද ආයේ වහන්න සූදානමක්…

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් පවතින බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පෙන්වා දෙනවා.

එහි කැදවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශවලින්ම ඒ බව තහවුරු වී ඇති බවයි.

ඉන්ධන මිලදී ගැනීම සදහා විවිධ ක්‍රම හරහා ණය ගැනීමට රජය උත්සහ දැරුවද ඒ සියල්ලම ප්‍රතික්ෂේප වීම හමුවේ ඉදිරියේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමනු ඇති බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ.