සඳ ජයගත් ඉන්දියාවෙන් සූර්යයාටත් රොබෝ යානයක්

ඉන්දියාව සඳ ගවේෂණය සඳහා යානයක් සාර්ථකව ගොඩ බැස්වීමෙන් පසු සූර්යයා ගවේෂණය වෙනුවෙන් ද පියවරක් තැබීමට සූදානම් වනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල සූර්යයා වෙතට රොබෝ යානයක් යැවීමටයි ඉන්දියාවේ සැලසුම වී ඇත්තේ.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය ‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථකව සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ තවත් සතියක පමණ කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තුවෙන් පසු වනවා.

එම යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා’ Aditya-L1 යනුවෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ආදිත්‍ය L1 හි සුර්යයාගේ ප්‍රභාගෝලය, වර්ණගෝලය සහ සූර්යයාගේ පිටතම ස්ථර නිරීක්ෂණය කිරීම සඳහා කොටස් හතක් අඩංගු වන බව සඳහන්.

හිරුගේ රැස් වළල්ල, (හිරුගේ බාහිර වායුමය වැස්ම. corona යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි) සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම ‘ආධිත්‍යා L1’ යානයේ අරමුණ වී තිබෙනවා.

‘ආධිත්‍යා’ Aditya-L1 ගවේෂණ යානය, L1 යනුවෙන් හැඳින්වෙන්නේ, එය හිරු සහ පෘථිවිය අතර L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ (lagrange point) රඳවා තැබීම හේතුවෙන් වන අත්රා ලග්‍රාන්ජ් ලක්ෂය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5ක දුරකින්.

ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය යනු හිරු සහ පෘථිවිය යන ග්‍රහ වස්තූන් දෙකේ, ගුරුත්වාකර්ෂණයන්ගේ බලපෑමෙන් ආකර්ෂණයත් විකර්ෂණයත් දෙකම එක විට ඇති ස්ථානයයි.

මෙවැනි තැනක රැ‍ඳ‍ෙන ග්‍රහ වස්තුවක් හෝ රඳවන අභ්‍යවකාශ යානයක් හෝ වැඩි ආයාසයක් නොගෙන, (හිරු දෙසට හෝ පෘථිවිය දෙසට හෝ ඇදී යාමක් නැතිව) කක්ෂයෙහි වෙනස් වීමක් නොමැතිව, ස්ථාන ගත කිරීමට හැකියාව පවතිනවා.

ඇමෙරිකාවේ නාසා ආයතනය, ප්‍රබල ‘ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂ රඳවා ඇත්තේ ද මෙම ලග්‍රාන්ජ් ලක්ෂ්‍යයේයි.

ලග්‍රාන්ජ් ලක්ෂ්‍ය දෙකක් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ලග්‍රාන්ජ් ලක්ෂ්‍ය එම නමින් නම් කර ඇත්තේ, ඒවා සොයා ගත් ජෝසප් ලුවී ලග්‍රාන්ජ් නම් කීර්තිමත් ඉතාලි-ප්‍රංශ ගණිතඥයා සිහිගන්වමින්.

‘ආධිත්‍යා’ Aditya-L1 හිරු ගවේෂණය සිදු කිරීමට නියමිතව ඇත්තේ L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ සිටයි.

හිරු ගවේෂණයට ඉන්දියාව යවන පළමු රොබෝ යානය ‘ආධිත්‍යා’ Aditya-L1 බව බෙංගලූරු නුවර පිහිටි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48