spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සඳුදා සිටි වෘත්තිය සමිති රැසක් වෘත්තිය ක්‍රියාමාර්ගවල

රජයේ නව අසාධාරණ බදු සංශෝධනයන් එරෙහිව ලබන සඳුදා (13) දින සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සමිති රැසක් තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (10) පැවති සකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වීමත් සමඟ වෘත්තිය සමිති මෙම තීරණයට එළඹෙන බව සඳහන් කළා.

ඒ, අනුව ලබන සදුදා සිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර කෙරුණා.

ඊයේ (10) රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබුණා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වර්ජනවලට තම සංගමය සහය ලබානොදෙන බවයි.

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අධ්‍යයන සහ විභාග කටයුතුවලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණ කර ඇති අතර, එම වෘත්තිය ක්‍රියාමාර්ගය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම ලංකා ගුරු සංගමයද එළඹෙන 15 වනදා එක්දින වර්ජනයක නිරත වන බවයි ප්‍රකාශකර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?