spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සන්රයිසස් හයිද්‍රාබාද් පිළට නව නායකයෙක්

පසුගිය දා නිමා වූ පළමුවරට පැවති දකුණු අප්‍රිකා විස්සයි විස්ස ලීගයේ දී සන්රයිසස් ඊස්ටර්න් කේප් පිළ ශූරතාව දක්වා රැගෙන ගිය ඒඩන් මාක්‍රම් 2023 අයි.පී.එල්. තරගවලියේ, සන්රයිසස් හයිද්‍රාබාද් පිළේ නායකයා ලෙස නම්කර තිබෙනවා.

28 හැවිරිදි මාක්‍රම් පසුගියදා සන්රයිසස් ඊස්ටර්න් කේප් පිළ සමාරම්භක දකුණු අප්‍රිකා විස්සයි විස්ස ශූරතාව දක්වා ගෙන ගිය අතර, එහිදී ඔහු තරගාවලියේ තුන්වැනි ප්‍රමුඛතම ලකුණු ලාභියා ද වුණා.

2023 වසර සඳහා වන අයි.පී.එල්. තරගවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායම තෝරාගැනීමට කටයුතු කළත් ඒ සඳහා නායකයෙකු පත්කර ගැනීමේ ගැටළුවට සන්රයිසස් හයිද්‍රාබාද් කළමනාකාරීත්වය මුහුණ පා සිටියා.

පසුගිය දෙසැම්බරයේ පැවති අයි.පී.එල් වෙන්දේසියට පෙර නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් නිදහස් කිරීමෙන් පසු නායකත්ව භූමිකාව පිරවීමට සන්රයිසස් කණ්ඩායමට සිදු වුණා.

2013 වර්ෂයේ සන්රයිසස් ආරම්භයේ සිටම කණ්ඩායම තුළ සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර්, මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගත් මායන්ක් අගර්වාල් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒඩන් මාක්‍රම් යන තිදෙනාගෙන් අයෙක් සන්රයිසස් නායකත්වයට පත් කිරීම කෙරෙහි අවදානය යොමුව තිබුණා.

ඒ, අනුව ක්‍රීඩක වෙන්දේසියට පෙරම ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන ලද බ්‍රයන් ලාරාගේ ප්‍රධානත්වයෙන් යුත් සන්රයිසස් කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් මාක්‍රම් මෙම භූමිකාව සඳහා තෝරාගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

දකුණු අප්‍රිකානු 20-20 ලීගයේ දී ඊස්ටර්න් කේප් පිළ මෙහෙයවමින් මාක්‍රම් දැක්වූ නායකත්ව දක්ෂතාව මෙම තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?