සන්රයිසස් හයිද්‍රාබාද් පිළට නව නායකයෙක්

පසුගිය දා නිමා වූ පළමුවරට පැවති දකුණු අප්‍රිකා විස්සයි විස්ස ලීගයේ දී සන්රයිසස් ඊස්ටර්න් කේප් පිළ ශූරතාව දක්වා රැගෙන ගිය ඒඩන් මාක්‍රම් 2023 අයි.පී.එල්. තරගවලියේ, සන්රයිසස් හයිද්‍රාබාද් පිළේ නායකයා ලෙස නම්කර තිබෙනවා.

28 හැවිරිදි මාක්‍රම් පසුගියදා සන්රයිසස් ඊස්ටර්න් කේප් පිළ සමාරම්භක දකුණු අප්‍රිකා විස්සයි විස්ස ශූරතාව දක්වා ගෙන ගිය අතර, එහිදී ඔහු තරගාවලියේ තුන්වැනි ප්‍රමුඛතම ලකුණු ලාභියා ද වුණා.

2023 වසර සඳහා වන අයි.පී.එල්. තරගවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායම තෝරාගැනීමට කටයුතු කළත් ඒ සඳහා නායකයෙකු පත්කර ගැනීමේ ගැටළුවට සන්රයිසස් හයිද්‍රාබාද් කළමනාකාරීත්වය මුහුණ පා සිටියා.

පසුගිය දෙසැම්බරයේ පැවති අයි.පී.එල් වෙන්දේසියට පෙර නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් නිදහස් කිරීමෙන් පසු නායකත්ව භූමිකාව පිරවීමට සන්රයිසස් කණ්ඩායමට සිදු වුණා.

2013 වර්ෂයේ සන්රයිසස් ආරම්භයේ සිටම කණ්ඩායම තුළ සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර්, මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගත් මායන්ක් අගර්වාල් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒඩන් මාක්‍රම් යන තිදෙනාගෙන් අයෙක් සන්රයිසස් නායකත්වයට පත් කිරීම කෙරෙහි අවදානය යොමුව තිබුණා.

ඒ, අනුව ක්‍රීඩක වෙන්දේසියට පෙරම ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන ලද බ්‍රයන් ලාරාගේ ප්‍රධානත්වයෙන් යුත් සන්රයිසස් කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් මාක්‍රම් මෙම භූමිකාව සඳහා තෝරාගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

දකුණු අප්‍රිකානු 20-20 ලීගයේ දී ඊස්ටර්න් කේප් පිළ මෙහෙයවමින් මාක්‍රම් දැක්වූ නායකත්ව දක්ෂතාව මෙම තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14