spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සන්රයිසස් හයිද්‍රාබාද් පිළටත් නව ප්‍රධාන පුහුණුකරුවෙක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත ජාතික ඩැනියල් විටෝරි පත්කර තිබෙනවා.

ඒ, අනුව මීට පෙර එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ කටයුතු කළ බටහිර ඉන්දීය කොදෙව් ජාතික බ්‍රයන් ලාරා සමග පැවති ගිවිසුම අවලංගු කිරීමටයි එහි කළමණාකාරීතවය කටයුතු කර ඇත්තේ.

මෙම නව පත්කිරීමත් සමග 2024 අයි.පී.එල්. තරගාවලියේ දී විටෝරි හයිද්‍රාබාද් පිළේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වසර හයක් තුළ පත්කළ සිව්වන ප්‍රධාන පුහුණුකරු ඩැනියල් විටෝරි වන අතර, මීට පෙර ටොම් මූඩි, ට්‍රෙවල් බේලිස් සහ බ්‍රයන් ලාරා එම තනතුරේ කටයුතු කරනු ලැබුවා.

මේ අතර මීට පෙර ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් යන කණ්ඩායමේවල ප්‍රධාන පුහුණුකරු තනතුරේ වෙනස්කම් 2024 අයි.පී.එල්. තරගාවලියට පෙර සිදුකළා.

ඒ අනුව ඇන්ඩි ෆ්ලවර් බැංගලෝර් පිළේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ද ඕස්ට්‍රේලියානු ජාතික ජස්ටින් ලැන්ගර් ලක්නව් පිළේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ද එක්කර ගැනීමට එම කණ්ඩායම්වල හිමිකරුවන් කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?