සනත් නිශාන්තට ජීවිතය අහිමි වූ අනතුර ගැන රියදුරාගෙන් පළමු වරට හෙළිදරව්වක්

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ජීවිතය අහිමි කළ අනතුර සම්බන්ධයෙන් ජිප් රථය පැදවූ රියදුරා හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

ඇමතිවරයා ඇතුලු පිරිස හැකි ඉක්මනින් කොළඹට පැමිණීමට උත්සාහ කරමින් සිටි අතර එම අවස්ථාවේදී සනත් නිශාන්ත මෝටර් රථයේ නිදාගෙන සිට ඇති බවයි රියදුරු හෙළි කර ඇත්තේ.

“අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රියදුරා වන ප්‍රභාත් එරංග පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනතුර පිළිබඳ මෙම තොරතුරු හෙළි කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ රථය පැයට කිලෝ මීටර් 160ක පමණ වේගයකින් ධාවනය වී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති සඳහන්.

අනතුරින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ හිසට සහ දකුණු පාදයට බරපතළ තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා.

මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ සනත් නිශාන්තගේ දේහය මේ වන විට ආරච්චිකට්ටුව බලා රැගෙන යාම ආරම්භ වී තිබෙනවා. දේහය අද පස්වරුවේ ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12