සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍ර දෙකක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා කරමින් ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥවරු සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ගොනු කර තිබෙන පැමිණිලි තුනත් අද කැඳවූ අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට එම දැනුම්දීම සිදු කළේ.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම නඩු කරයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකය වෙතින් වීඩියෝ පටයක් කැදවා තිබුණද එම වීඩියෝ පටය මෙතෙක් ලැබී නොමැති බවයි.

මෙම නඩුකරයට පාදක වන වගඋත්තරකාර සනත් නිශාන්ත අදාළ ප්‍රකාශය සිදු කළ බවට පිළිගැනීමක් නොකරන්නේ නම් ඔහු සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම ඉල්ලීමට සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී සිටි ෆයිස් මුස්තාපා, සහ ෆයිසර් මුස්තාපා යන ජනාධිපති නීතිඥවරු විරෝධය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් දැනට පැමිණිල්ල භාරයේ පවතින විවිධ මාධ්‍ය ආයතනවලින් කැඳවූ වීඩියෝ පට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තා කැඳවීමට පියවර ගන්නා ලෙසටයි අධිකරණය විසින් රජයේ නීතිඥවරියට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා අදාළ පැමිණිල්ල නැවත මාර්තු මස 28 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.

පසුගිය වසරේ අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බැවින් ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා මෙම පැමිණිලි අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52