spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සනත් නිශාන්තගේ අවසන් කටයුතු ඉරිදා

අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අද අලුයම දෙකට පමණ සනත් නිශාන්ත මහතා ගමන්ගත් සුඛෝපභෝගී මෝට රථය කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේදී කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත් වුණා.

රාජ්‍ය නායකයන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදු පෙරමුණේ නායකයන් පිරිසක් තුමන්ගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවට සහභාගිවීමට නියමිත බව වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?