සදීරත් යුතුකම් ඉටු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නෙකු මෙන් ම පිතිකරුවෙකු වශයෙන් කටයුතු කරන සදීර සමරවික්‍රම අගනා අර්ධ ශතකයක් මීට ටික වේලාවකට පෙර ලබා ගත්තා.

සදීර අද දිනයේ දී පාකිස්ථානයට එරෙහි ව ලබා ගත්තේ සිය එක්දින දිවියේ 06 වැනි අර්ධ ශතකයයි.

සදීරගේ ලකුණු 50ට හතරේ පහර 05ක් සහ දැවැන්ත හයේ පහරක් ඇතුළත්.

මෙම අර්ධ ශතකය සදීර නමින් ලියැවී ඇත්තේ පන්දු 43කටයි.

මීට අමතර ව සදීර සමරවික්‍රම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට එක් වන පළමු අවස්ථාවේ දී ම ලබාගත් පළමු අර්ධ ශතකය ද මෙය ලෙසයි ඉතිහාසගත වන්නේ.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 08 වැනි තරගයේ දී පාකිස්ථානයට එරෙහි ව කඩුලු 04ක් දැවී ලකුණු 240ක් ලබා සිටිනවා.

සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ චරිත් අසලංක යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 122ක් පන්දු 77ක දී රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ක්‍රියාත්මක වන්නේ 33 වැනි පන්දු වාරයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15