සද්දේ නිසා වැළකුනු සිතුල්පව්වේ ඛේදවාචකය

සිතුල්පව්ව පූජා භූමියේ පිහිටි මගුල් මහා සෑයේ දින කිහිපයක සිටම නිධන් සෙවූ බව අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීමේදී සදහන් කර තිබේ.

නිධන් හෑරීම් ඇතුළු අපරාධ කිහිපයකට බන්ධනාගාරගතව දඩුවම් ලබා නිදහස ලබා සිටින රන් මාමා නැමැති අයෙක් මෙම කල්ලියේ මහ මොළකරු ලෙස පොලීසිය හදුනා ගෙන ඇත.

ඔහු ඇතුළු 05 දෙනෙක් සැගවී සිටියදී ඊයේ(02) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දින කිහිපයක්ම සිතුල්පව්වට ගොස් චෛත්‍ය අවට ආරක්ෂාව පිළිබද සොයා බැලූ බවත් ඒ එක් දිනක් බිත්ති සිදුරුකරන යන්ත්‍රයක් රැගෙන ගොස් නිධන් ඇතැයි අනුමාන කළ චෛත්‍යෙය් බද කොටසේ සිදුරු කිහිපයක් විද එම සිදුරුවලට රසායනික ද්‍රව්‍යයක් ඇතුළු කළ බවත් සැකකරු ප්‍රශ්න කිරීමේදී සදහන් කර තිබේ.

එම රසායනික ද්‍රව්‍යයෙන් සිදුවන්නේ චෛත්‍ය බදෙහි ඇති ඝණකම සැහැල්ලවීම බවත් දින කිහිපයකට පසුව සිව් දෙනෙක් සමග පැමිණ එම චෛත්‍ය බද හාරා ඇති බව පොලිසිය පවසයි.

යාල වනෝද්‍යානයේ සෆාරි ජිප් රථයක් පදවන පුද්ගලයෙක් විසින් නිධන් හාරන්නට පැමිණි සිව්දෙනාව රැගෙන විත් තිබෙන අතර පොලීසිය විසින් එම පුද්ගලයා සහ ඔහුගේ සහයකයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.

සිතුල්පව්වේ ආරක්ෂාවට සිටි පොලීසියේ සහ හමුදාවේ නිලධාරීන්ට ඇසුණු ශබ්දයක් හේතුවෙන් ඒ ගැන විපරම් කිරීමේදී ඉකුත් 31 වෙනිදා රාත්‍රීයේ පිරිසක් පලායන අතර එක් අයෙක් අත්අඩංගුවට පත්විය.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී එම නිධන් කල්ලිය ගැන තොරතුරු හෙළිවී තිබේ.

ඒ අනුව ඊයේ අත්අඩංගුවට ගත් 05 දෙනා අතර කොරියාවේ කාලයක් රැකියාවේ නිරතව සිට පැමිණි පුද්ගයෙක්ද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙක් ද සිටින බව පොලීසිය සදහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27