spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සතොස බිත්තර මිල ඉහළට

ලංකා සතොස තුලින් අලෙවි කරන ආනයනික බිත්තරයක මිල හෙට සිට රුපියල් 43 දක්වා ඉහළ නංවා ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

සතොස ද ඇතුලුව සුපිරි වෙළඳසැල්වලට දෛනිකව නිකුත් කරනු ලබන ආනයනික බිත්තර ප්‍රමාණය ද ලක්ෂ 4ක් දක්වා සීමා කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඉන්දීය බිත්තර සඳහා වෙනත් රටවලින් ද පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මීට පෙර ගෙන්වූ ප්‍රමාණයම ගෙන්වා ගැනීමට අපහසුවීම හේතුවෙන් මෙම මිල ඉහළ යාම සිදුවී ඇති බව සඳහන්.

ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ බිත්තර මෙතෙක් සතොස මගින් අලෙවි කරනු ලැබුවේ රුපියල් 35ක මිලකටයි.

කෙසේවෙතත් අද දිනයේ ජනතාව චෝදනා කළේ සතොස තුළ බිත්තර මිලදී ගැනීමට නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?